ඒකාධිපති පාලකයන්ට එරෙහිව “කිරි තේ සන්ධානය‘‘ “Milk Tea Alliance”.

තම මාතෘභූමියේ ඒකාධිපති පාලකයන්ට එරෙහිව ආසියා මහද්වීපයේ රටවල් තුනක තරුණ ක්‍රියාකාරීන් සන්ධානයක් පිහිටුවා ගත්හ.

එවැනි සන්ධානයක් සැදූ ප්‍රථම ආසියාතිකයෝ ඔවුහුය. එයද පාලකයන්ට එරෙහිවය. සන්ධානය හොංකොං, තායිලන්තය සහ තායිවාන් තරුණ ක්‍රියාකාරීන් අතරය. ඔවුන් එකිනෙකාගේ භාෂාව, අරමුණ සහ පසුබිම වෙනස්ය. එහෙත් ඉලක්කය එකාධිපති පාලකයන්ය. මෙහිලා මුලිකත්වය ගත්තේ හොංකොං තරුණ ක්‍රියාකාරීන් 2019 සිට මෙි දක්වා හොංකොං උද්ඝෝණයන්හි උපයෝගී කරගත් උපක්‍රම සහ රටාවය. එය තායිවානයේ සහ තායිලන්ත තරුණ ක්‍රියාකාරීන් ආකර්ෂනය කිරීමට සමත්වු බව කියවෙි. හොංකොං තරුණ නායකයන්ගේ උපක්‍රම සහ රටාව මෙම ව්‍යාපාරයේ නායකයින් බොහෝ දෙනෙකු සිරගත කිරීමට සහ පෙලපාලි තහනම් කිරීමට පාලකයන් ගන්නා සෘජූ උත්සාහයන් යන දෙකින්ම බේරී සිටීමට උපකාරී වී තිබේ. කෙසේ වුවත් සන්ධානයේ නම අරගලකාරී නැත. එය ප්‍රසන්න බව කථිකාව හා ආදරය පිලිබද යමි ඉගියක් ලබා දේ . එහි නම“කිරි තේ සන්ධානයයි‘‘“Milk Tea Alliance”.
කිරි තේ මෙිරටවල් තුනේම සෑම ස්ථානයකම වෙනස් ලෙස පානය කරනු ලැබේ. තායිවානයේ ටැපියෝකා සමඟ සීතලට, හොංකොං හි තේ සමග කළවමි කර උණුසුම් හා ශක්තිමත්ව, තායිලන්තයේ කිරි අයිස් කර පැණි රස කර ඇත. එහෙත් මුලික අමුද්‍රව්‍ය සමානය. විරෝධතාකරුවන්ගේ මූලික අරමුණ – ප්‍රජාතන්ත්‍රවාදයයි – එබැවින් සන්ධානයේ මූලික අමුද්‍රව්‍ය සමාන වේ.
බැංකොක්හි ප්‍රමුඛ පෙළේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පවසා තිබුනේ

‘‘“ඔබට විශාල බලයකට එරෙහිව යාමට සිදු වූ විට ඔබ නිර්මාණශීලී විය යුතුයි.
අරගලයට තබන නම පවා සිත් ඇදගන්නා සුළු විය යුතු අතර එය මිනිසුන්ට හුරුබුහුටි හා එය ආක්‍රමණශීලී නොවන බවට වග බලා ගත යුතුයි ‘‘
මෙම සන්ධානයේ අරමුණු සහ පසුබිමි එකනෙකට වෙනස්ය.
වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් සහ වගවීමක් ඉල්ලා තායි සිසුන් බලවත් රාජාණ්ඩුවකට එරෙහිව සටන් වදිති.
හොංකොං හි විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පවරා ගැනීමේදී පොරොන්දු වූ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් බීජිං පිටුබලය ලබන රජයට එරෙහිව සටන් කරති.
තායිවාන ක්‍රියාකාරීන් චීනය සමඟ පැවැත්මේ අරගලයක යෙදී සිටින අතර ඔවුහු ස්වයං පාලිත දූපත් තම භූමියේ කොටසක් ලෙස සලකන අතර එහි සමහර දූපත් බීජිං පාලනය යටතට ගෙන ඒමට චීනය බලය යෙදවීමට එරෙහිව සටන් කරති.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

14 − eleven =