“දුමින්ද සිල්වා නිදහස් කරන්න” ලිපිය ජනපති අතේ

මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා එය එම පෙත්සම ජනාධිපතිවරයාට යොමුකර තිබේ.

පසුගිය දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි මෙම මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ කාර්යාලයෙන් ඉදිරිපත් වූ පෙත්සමට අස්සන් තබා ඇත.

අදාළ පෙත්සම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති අතර මේ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවනු ඇතැයි පැවැසේ.

2011 වසරේ පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය අතරවාරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වා සහ තවත් සිවුදෙනෙක් වරදකරුවන වී ඔවුන්ට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය.

Leave A Reply

Your email address will not be published.

7 − six =