16 වැනි කොවිඩ් ආසාදිත මරණය අවුරුදු 70 ක අයෙක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වැනි කොවිඩ් ආසාදිත මරණය ඊයේ (25) අලුයම ‍‍කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් තිබේ. රුධිරයට විෂබීජයක් ඇතුලු වීම ‍හේතුවෙන් මෙම මියගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇත්තේ පසුව බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාපවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය 23 රෝහල්ගතවී ඇත. රෝගියා මිය ගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙන් බව ද සඳහන්.

Leave A Reply

Your email address will not be published.

4 + thirteen =