පාස්කු ඉරිදා ප්‍රහාරයට 2289ක් අත්අඩංගුවට අරන්

45

පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලට අනුව ඊයේ (03දා) දිනය වනවිට පුද්ගලයන් දෙදහස් දෙසීය අසූනවයක් (2289) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම පිරිසෙන් පුද්ගලයන් 423 රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන බවත්, පුද්ගලයන් 1655 ඇපමත නිදහස් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.

සැකකරුවන් 211ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද ඔහු පවසා සිටියේය.

Previous articleරාජිතගේ දේශපාලන ගේමක රහසිගත හඬපටයක් එළියට..
Next articleකලබල අස්සේ වධක පුහුණුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here