ලෝකයම ආදරය ඉල්ලන මොහොතක්

මේ ඡායාරූපයේ සිටින්නේ බෙන් කේයර් සහ මින්ඩි බ්‍රොක් ය. ඇමෙරිකාවේ වෛද්‍ය කාර්ය මණ්ඩල ආයතනයක් වන Team Health හි ඔවුහු සේවය කරති.
ඔවුහු නිර්වින්දන කාර්යයේ නිරත වන වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයෝ ය. සම්පූර්ණ ආරක්‍ෂක වෛද්‍ය ඇඳුම් කට්ටලයකින් සැරසී ඡායාරූපයේ වම්පස සිටින්නී මින්ඩි බ්‍රොක් ය. ඇය 38 හැවිරිදි ය. අගේ හිස

අල්ලාගෙන අගේ දෑස් දෙසට එබී බලා සිටින්නා 46 හැවිරිදි බෙන් කේයර් ය. සේවයේ යෙදී සිටිය දී ම
ඡායාරූපය අහඹු ලෙස ගෙන තිබුණේ අසල සිටි හෙද කාර්ය මණ්ඩලයේ අයකු විසින් පසුගිය මාර්තු 30 වනදා ය. ඒ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි උතුරු 30 වන වීදියෙහි, අංක 5802 දරන තැන පිහිටි ටම්පා මහා රෝහලේදීයි.
එසැණින් අන්තර්ජාල පාඨක අවධානය දිනාගත් මේ ඡායාරූපය බෙන්ගේ සහ මින්ඩිගේ වගතුග සෙවීමට තරම් උත්තේජනයක් ඇති කළේ ය.
බෙන් කේයර් සහ මින්ඩි බ්‍රොක් විවාහක යුවළකි. මේ දෙදෙනා 2007දී සිය හෙද විදුහලේ දී පෙමින් බැඳී, 2015 අප්‍රේල්වල දී විවාහ වූ දෙදෙනෙකි. එක ම වෘත්තියේ නිරතව සිටිය දී කොවිඞ්-19 වෛරස් රෝගීන්ට ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර කිරීමට ටම්පා රෝහල විසින් ඇති කරන ලද කාර්ය මණ්ඩලයට ඔවුහු එක් වූහ.
එය හැඳින්වූයේ ‘Airway Team’ යනුවෙනි.
එක රැයකින් මාධ්‍ය ලෝකයම සැරසූ මේ සිදුවීම ගැන බෙන් කේයර් කියන්නේ මෙවැන්නකි. “සෑම කෙනෙක්ම ඡායාරූපය ගැන කතා කරනවා. එය අපූරු දෙයකට මාවතක් හැදුවා. මොකද? අපි හැමෝ ම මේ මොහොතේ ම එකම දෙයකට මුහුණ දී සිටිනවා. දැන් එය බලාපොරොත්තුවේ සහ ආදරයේ සංකේතයක්.”
“වැදගත් දෙය නම් අපි එකට බැඳී සිටීම, අපි එකට වැඩ කිරීම සහ අපි සැමවිටම එකිනෙකාට සහයෝගය දැක්වීමයි. බෙන් සහ මම පමණක් නොව මානව වර්ගයා ද මේ මොහොතේ කරන්න ඕනේ එහෙම ම තමයි” යනුවෙන් මේ ඡායාරූපය ගැන මින්ඩි බ්‍රොක් කියන්නී ය.
මේ, ලෝකයම ආදරය ඉල්ලන මොහොතක් බව කියන්න මීටත් වඩා හොඳ සේයාරුවක් තව කොහි ඇත් ද…?
-සිසිර

Leave A Reply

Your email address will not be published.

10 − five =