අරන්තලාව භික්ෂු ඝාතනයේ පරීක්ෂණ අරඹන ලෙස නීතිපති දැනුම් දෙයි

 

අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 33 දෙනෙකුට එල්ල කළ එල්ටීටීඊ ප්‍රහාරයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේ පරීක්ෂණ ආරම්භ කර සති 2ක් ඇතුළත ප්‍රගතිය නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසයි.

1987 ජූනි 2 වැනිදා එල්ටීටීඊ ය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් 33 දෙනෙකු සහ සිවිල් වැසියන් සිව්දෙනෙකු ඝාතනය කළේය.
අරන්තලාව භික්ෂු ඝාතනය 1987 ජූනි 2 වැනිදා අම්පාර මහාවාපී විහාරයේ සිට කැළණිය රජ මහා විහාරයට වන්දනා ගමනක් යාමේ අරමුණින් පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ සිවිල් වැසියන් කිහිපදෙනෙක් සිටි බස් රථයට නුවරතැන්න ගම්මානය අසලදී කොටි සංවිධානයේ සාමාජිකයන් 20 කගෙන් පමණ යුතු පිරිසක් සැඟවී සිට පහර දුන්හ. ඔවුන් එහි රියැදුරාට බස් රථය අසල පිහිටි අරන්තලාව වනාන්තරයට ගෙන යන ලෙස අණ දුන් අතර වෙඩි තබමින් සහ කඩු පහර දෙමින් භික්ෂූන් වහන්සේලාට ඝාතනය කර තිබේ.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයකට පත්වූවන් අතර කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 30 නමක් ද, ඔවුන්ගේ ගුරු හිමියන් වූ විද්‍යානන්ද මහා පිරිවෙන් අධිපති හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර හිමියන්ද විය. බස් රියේ ගමන් කළ සිවිල් වැසියන් 4 දෙනෙක්ද ප්‍රහාරයෙන් මිය ගියේය.

භික්ෂූන් වහන්සේලා 3 දෙනෙක් ප්‍රහාරයෙන් බේරී පලා ආ අතර දරුණු තුවාල හේතුවෙන් ජීවිත කාලය පුරාම ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය වන තත්ත්වයක පවතී. තවත් භික්ෂූන් වහන්සේ නමක් ස්ථීරවම ආබාධිත තත්ත්වයට පත් විය

Leave A Reply

Your email address will not be published.

one × two =