තවත් ආසාදිතයින් 256 ක් -අද ආසාදිතයින් 800 පනියි

මිට සුළු වෙලාවකට පෙර වාර්තාවූ පරිදි මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනෙක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතරින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ සේවකයින් 39 දෙනෙක්, සහ ආශ්‍රිතයින් 217 දෙනෙක් වසයෙනි.

මිනුවන්ගොඩ කො⁣රෝනා පොකුරෙන් අද පස්වරු 6.05 වනවිට දිනයේ ආසාදිතයින් 609 ක් ලෙස හදුනාගෙන තිබිණි.
ඒ අනුව අද (23) දිනයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 800 ඉක්මවා ගියේය.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව  7153 ක් වෙයි.

Leave A Reply

Your email address will not be published.

sixteen + 20 =