කොරෝනා හේතුවෙන් මාළු වෙළඳසැල් විශාල ප්‍රමාණයක් වසාදමයි

 

බේරුවලින් පෑලියගොඩ මාළු වෙළඳපොළට මාළු රැගෙන ගිය ලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් බේරුවල ධීවර වරාය අද(23) සිට නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇතැයි ධීවර වරායේ කළමණාකාරවරයා පියවර ගෙන ඇත.

කොරෝනා ආසාදිත කාන්තාවක් පානදුර නගරය ආශ්‍රිත වෙළඳසැල් හතරකට ගිය බව අනාවරණය වීමෙන් අනතුරුව එම වෙළඳසැල් 4 වසා දැමීමට පියවර ගත් බව පානදුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසන අතර මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන බව අනාවරණය වී තිබේ.

මාදම්පේ නගරයේ සියලුම වෙළෙද සැල් වසාදැමීමට ගොඩකවෙල ප්‍රාදේශීය සභාව අද (23) පියවර ගෙන ඇත්තේ කහවත්ත, මාදම්පේ මාළු වෙළෙද මද්‍යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවීම හේතුවෙනි. ඔහුගේ ආශ්‍රිතයින් 40 ක් දැනට හදුනාගෙන තිබේ .

මේ අතර හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොවිඩි-19 ආසාදිතයකු අනාවරණය වීම හේතුවෙන් එම වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති පවසයි.
බේරුවල ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල වසා දැමීමට කටයුතු කළ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා අද පැවසීය.

ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම එම කාර්යාලය පිහිටි ටැල්බට් ටවුම පළමුවන පටුමගේ ව්‍යාපාරිකයෝ පිරිසක් සිය වෙළඳසැල් වසා දැමීමට පියවර ගත්තේය.

පානදුර පොදු වෙළඳපොලේ මාළු වෙළඳසැල් පමණක් වසා තැබීමට තීරණය කළ බව පානදුර නගරාධිපති වරයා පියවරගෙන ඇත්තේ පෑලියගොඩ මාළු තොග වෙළදපොළින් කොරෝනා ආසාදිත රෝගීන් අනාවරණය වීම හේතුවෙන් බව පවසයි.

රත්නපුර මළු වෙළෙද පොළ වසා දැමිමට රත්නපුර මහ නගර සභාව අද තීරණය කළේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයට ගිය රත්නපුර නගර සීමාවේ පදිංචි පුද්ගලයෙකුට කොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු ව්මෙන් පසුවය.

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය දියතලාව නගරයේ මාළු වෙළඳසැලේ පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු දියතලාව මාළු වෙළඳපොළ වසා තැබීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සභාපති බී. කන්දසාමි කන්නා මහතා අද පැවසීය.

Leave A Reply

Your email address will not be published.

twenty − 10 =