දුරකතනයේ පක්ෂ හිමිකරුත් 20 ට පක්ෂයි !

 

දුරකතනය ලකුණ සහිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ හිමිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.
ඩයනා ගමගේගේ නමින් ලියාපදිංචි කර ඇති අපේ ජාතික පෙරමුණ පක්ෂය නම වෙනස් කොට සමගි ජන බලවේගය ලෙස මැතිවරණයට තරග කිරීම සඳහා ලබා දෙන ලදි. පක්ෂයේ හිමිකරු මෙසේ වෙනත් මතයක් දැරීම නිසා ගැටළුවක් මතුවන්නේද යනුවෙන් අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ ප්‍රධිනායෙකු පැවසුවේ ඩයනා ගමගේ විසින් ඇයට අයත් පක්ෂය ලබා දී ඇත්තේ වසර හතරක් සඳහා බවයි.ත ඊට අදාළ ගිවිසුමක් සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමග අත්සන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඩයනා ගමගේට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදුන්නේ ද අදාළ ගිවිසුමට අනුව බව අප කළ විමසීමට පිළිතුරු දෙමින් එම ප්‍රධානියා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ට විශ්වාස බවයි. සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූයේ නම්, ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමට එකගවන්නේද යනුවෙන් ද ඇය විමසා තිබිණි. මේ අතර සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ පක්ෂයේ මතයට විරුද්ධව යෑම නිසා ඩයනා ගමගේට එරෙහිව විනය පියවර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.

five × 1 =