20ට පක්ෂ වූ ඩයනා ගමගේට විනය ක්‍රියාමාර්ග

පාර්ලිමේන්තුවේ දී අද දින සම්මත වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ඩයනා ගමගේට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තෙවනවර කියවීමත් සංශෝධන සහිතව තුනෙන් දෙකේ බහුතරයකින් අද (22) සම්මත විය.
මන්ත්‍රීනී ඩයනා ගමගේට අමතරව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළුව මන්ත්‍රීවරු 7 දෙනා ද පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.

2 + nineteen =