තවත් ආසාදිතයින් 259 ක්, ඉන් 182ක් පෑලියගොඩින්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් මීට සුළු මොහොතකට පෙර හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පවසයි.

මෙම ආසාදිතයින් 259 දෙනා අතරින් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් 75 දෙනෙක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද ඉතිරි දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් සඳහන් කළේය.

මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වෙත පසුගිය සතිය තුළ ගිය අයෙක් වේ නම් වහාම තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර PCR පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දෙයි.

Leave A Reply

Your email address will not be published.

1 × two =