විස්ස 2/3 සම්මතයි – රිෂාඩ්ගේ පිලේ 4ක් ආණ්ඩුවට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තෙවැනි වර කියවීමත්
තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

එහිදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද 65ක් ලැබිණි.

සමගි ජනබලවේගය සමග එක්ව තරග කර පාර්ලිමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඊට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර සමගි ජනබලවේගයෙන්  තරඟ වැදුණු  රිෂාඩ්ගේ  පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළේය. සමගි ජනබලවේගයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර ඉෂාක් රහුමාන්, එම්. රහීම්, අහමඩ් නසීර්, මොහාමඩ් හාරිස්, ෆයිසාල් කාසිම්, අරවින්ද් කුමාර්, සහ එම්. එස්. තව්ෆීක් යන
මන්ත්‍රීවරු 7 දෙනා ද පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

20 ට දිගින් දිගටම විරෝධය පළ කළ විජයදාස රාජපක්ෂ ද පක්ෂව ඡන්දය භාවිත කළද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

 

විවාදය අතරතුර

 

Leave A Reply

Your email address will not be published.

1 × one =