20 වන සංශෝධන තුනෙන් දෙකෙන් සම්මතයි – මෛත්‍රීපාල මගහරියි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අද (22) දෙවන වර කියවීම වැඩි ඡන්ද  91 කින්  සම්මත වූ අතර එහිදී පක්ෂව ඡන්ද 156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමි විය.

මේ අනුව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් එම පනත් කෙටුම්පතෙහි දෙවන වර කියවීම මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙහිදී සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ෆයිසාල් කාසිම්, නසීර් අහමඩ්, අලි සබ්රි රහීම්, මොහොමඩ් හාරිස් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියේය.

Leave A Reply

Your email address will not be published.

20 + 18 =