ඇෆ්ගනිස්ථානයේ පාසලකට ගුවන් ප්‍රහාරයක් – ළමුන් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග තකාර් පළාතේ හසාරු කුර්ලුක් ගම්මානයේ මද්රාසා පාසල වෙත එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11 දෙනකු සහ සිවිල් වැසියකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් 14 දෙනකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
කෙසේ නමුත් ඇෆ්නිස්ථාන රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ ගුවන් ප්‍රහාරයෙන් මියගියේ තලේබාන් සටන් කරුවන් පිරිසක් බවයි.

එහෙත් තලෝකාන්හි රෝහලක වෛද්‍යවරුන්ද සිද්ධිය සනාථ කරමින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මියගියේ බහුතරය ළමුන් බවයි.
තලේබාන් සටන්කරුවන් විසින් හමුදා සාමාජිකයන් 30කට වැඩි පිරිසක් මරා දැමීමෙන් දින කිහිපයකට පසුව මෙම ගුවන් ප්‍රහාර එල්ල විය.

2012 වසරේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා මිලියන 4.1ක පමණ පිරිසක් අවතැන් වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

eight − 1 =