මෙරට සිදුවූ 14වන කොවිඩ් -19 මරණය කුලියාපිටියේ කාන්තාවක්

මෙරට සිදුවූ 14වන කොවිඩ් -19 මරණය ලෙස 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාක් අද(22) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම 50 හැවිරිදි කාන්තාව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව රෝහල් බලධාරීන් පවසයි.

පසුගිය 17 වැනිදා මෙම රෝගී කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තිබේ. මෙම කාන්තාව දියවැඩියා රෝගියෙක් බව ද සෞඛ්‍ය අංශ පවසති.
මෙම මරණයත් සමඟ මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 14කි.

Leave A Reply

Your email address will not be published.

twenty − 7 =