කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 29 දා දක්වා අත්හිටුවයි

අද( 22) සිට 29 වැනිදා තෙක් කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාලය තුල කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී නොවැම්බර් 15 වැනිදා දක්වා දඩ මුදල් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රටේ පවතින කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

Leave A Reply

Your email address will not be published.

ten + twelve =