දෙවැනි කොරෝනා රැල්ලේ දී පළමු වරට කොළඹ ප්‍රදේශ 5 කට ඇදිරිනීතිය

කොවිඩ් 19 වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා දෙවන රැල්ලේ දී මුල්ම වරට කොළඹ ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත. එම ප්‍රදේශ වන්නේ, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙම පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ
“මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ විශේෂයෙන්ම ඒ ප්‍රදේශ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් හමුවු කොවිඩ් ආසාදිතයින් පිළිබඳව සලකා බලා නිරෝධායන කටයුතු සිදුකිරීමට බවත් ඒ අනුව එම පොලිස්බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණය සම්පූර්ණයෙන්ම සීමාකර නිවෙස්වලට වී රැඳී සිටින ලෙසට. එමෙන්ම පොලිස් වසම් හරහා ගමන් කිරීමට වාහනවලට හැකියාවක් ලැබෙනවා.නමුත් කිසිම අවස්ථාවක එම වාහන පොලිස් වසම්වලට අයිති මාර්ගවල නවතා තැබීම, මගීන් නංවා ගැනීම , මගීන් බැස්සවීම සිදුනොකළ යුතුයි. එසේ සිදුකළහොත් එය නිරෝධායන ඇඳිරි නීතිය යටතේ වරදක් ලෙස සලකා කටයුතු කිරීමට සිදුවෙනවා.”

Leave A Reply

Your email address will not be published.

one × three =