බොලිවියාවේ නැවත වරක් මොරාලෙස්ගේ පක්ෂ අපෙක්ෂකයකු වන ලුයිස් ආර්ස් ට ජය

කියුබාවේ සමාජවාදයේ ආදර්ශය ක්‍රියාත්මක වු දකුණු ඇමරිකානු රටක් වන බොලිවියාවේ නැවත වරක් හිටපු ජනාධිපති, සමාජවාදී නායක ඊවා මොරාලෙස්ගේ පක්ෂ අපෙක්ෂකයකු වන ලුයිස් ආර්ස් ( Luis Arce) ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබේ .
දකුණු ඇමරිකාව සඳහා වු එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය පැමිණීමෙන් පසුව වෙනස් වූ අතර වඩාත් ප්‍රචණ්ඩකාරී, විනාශකාරී විය. (එය කලින් හොඳ යැයි එයින් අදහස් නොවේ). ඒ අනුව එක්සත් ජනපදය කියුබාව, වෙනිසියුලාව, බොලිවියාව, බ්‍රසීලය, ඉක්වදෝරය, කොලොම්බියාව සහ චිලී ඇතුළු වෙනත් රටවලට මැදිහත් වීමට පටන් ගත්තේය. සැලැස්මේ කොටසක් ලෙසෙ එම රට වලට මූල්‍ය සම්බාධක පැනවීය. ආර්ථික සම්බාධක හේතුවෙන් ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් එම සමාජවාදී ,ප්‍රගතිශීලී ,අධිරාජ්‍ය විරෝධී රජයන්ට දොස් පැවරීය. අප වැනි තවත් බොහෝ රටවල මිනිසුන් ගූගල් සෙවීම තුලින් සහ ව්‍යාජ ප්‍රවෘත්ති වලට ගොදුරු වීම හේතුවෙන් ආර්ථික අර්බුදය මත ඇති කර තිබෙන සමාජ අර්බුදය හා දේශපාලන අර්බුදය පදනම් කොට මෙම සමාජවාදී ප්‍රගතිශීලී රජයන්ට දොස් පවරති. ලතින් ඇමරිකාවේ බොහෝ රටවල දක්ෂිණාංශික ආණ්ඩු එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද්දේ මැතිවරණයට බලපෑම් කිරීමෙනි. බොහෝ රටවල එය සිදු කළේ හා කරන්න උත්සාහ ගත්තේ කුමන්ත්‍රණ හරහා යි .
ඊවා මොරාලෙස් සමාජවාදී ප්‍රතිපත්තිය තුළින් තම පාලනය තුල බොලිවියාවේ විශාල වෙනස්කම් සිදු කර තිබේ. ඔහු බොලිවියාවේ පළමු ස්වදේශික ජනාධිපතිවරයායි .ජනසතු කළ අධ්‍යාපනය, සෞඛ්‍යය. ගෝත්‍රික ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලදී. ඔහුගේ රජය දුප්පත්කම අඩු කර සමාජ සාධාරණත්වය ස්ථාපිත කළේය. ඔහු 2019 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නමුත් එක්සත් ජනපදය දක්ෂිණාංශික විපක්ෂය අතින් අල්ලාගෙන රට තුළ ප්‍රචණ්ඩත්වය ආරම්භ කළේය. එක්සත් ජනපදයේ පුහුණුව ලත් හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ සහයෝගය නිසා මොරාලෙස්ට රට හැර ගොස් ආර්ජන්ටිනාවේ රැකවරණය ලබා ගැනීමට සිදුවිය. විරුද්ධ පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ අතුරු මැතිවරණයක් පවත්වන බවයි. විපක්ෂය විසින් සිදුකරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ගෝත්‍රික ජනතාව සහ නායකයින් ඝාතනය විය. කාන්තා නායිකාවන් පාරවල්වල පහර දෙමින් ඇදගෙන ගොස් චතුරශ්‍රයේ දී මරා දමන ලදී.

ගෝත්‍රික සම්බවයක් සහිත පොදු ජනයා මෙම ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණය කර නගර පුරවා ගත්හ. එහි බලපෑම් මත විපක්ෂය නිවේදනය කළේ නව රජයක් පිහිටුවීම සහ දක්ෂිනාංශික එක්සත් ජනපදයේ පිටුබලය ලබන ජෙනින් ඇනෙස් චාවේස් අතුරු ජනාධිපති ලෙස පත් කරන බවයි. කඩිනමින් මැතිවරණයක් පවත්වන බවට ඇය පොරොන්දු විය. එහෙත් මොරාලෙස්ට මැතිවරණය සඳහා රටට පැමිණීමට ඉඩ නොදුනි. විපක්ෂය වසරකට වැඩි කාලයක් බලයේ සිටියේය.
දැන් මෙම මැතිවරණ පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර ඇත. මෙහි දී සත්‍යය ජයගෙන ඇති අතර බොලීවියාවේ ජනතාව මොරාලෙස්ගේ පක්ෂයට ඡන්දය දී ඇත්තේ ලක්ෂ ගනණෙන් නායායෑමක් පරිද්දෙනි .මොරාලෙස්ට රටට පැමිණිය නොහැකි විය, ඔහුට මැතිවරණයට තරඟ කිරීම තහනම් කළ නමුත් ඔහුගේ සහයෝගය ලද අනෙක් ප්‍රගතිශීලී නායකයින් සටන ජය ගත්තේය.
මොරාලෙස්ගේ ආධාරකරුවෙකු, හිටපු මුදල් ඇමති සහ සමාජවාදී නායක ලුයිස් ආර්ස්, ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනෙකුට මුහුණ දුන්නේය .හිටපු ජනාධිපති වරයෙකු වන කාලෝස් මේසා (67) සහ දක්ෂිනාංශික ජාතිකවාදී ලුයිස් කමොචෝ (41). ඡන්ද විමසීමේදී ලුවිස් ආර්ස් සියයට 52.4 ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ අතර මෙසාට සියයට 31.5 ක් හා කැමකෝට සියයට 14.1 ක් ලෙස පලමු වර ගණන් කිරීමේ දී ප්‍රකාශිතය . දක්ෂිනාංශික, එක්සත් ජනපදයේ පිටුබලය ලබන අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් පරාජය පිළිගෙන තිබේ.
අර්ජන්ටිනාවේ සිටිමින් ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් MAS පක්ෂයේ නායක ඊවා මොරාලෙස් සහෝදරයා කියාසිටියේ.. ‘ ජනතාව නැවත මිලියන ගණනක් කැමැත්ත පල කර තිබේ . දැන් අපි අපේ ජනතාවට ගෞරවය හා නිදහස ලබා දෙන්නෙමු.’
දකුණු ඇමරිකාවේ මෙම සූරාකෑමට ලක්වූ රටවල් නිදහස් කර ඔවුන්ගේ සටනට ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව ඉදිරියට පැමිණ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නරුම ධනවාදය සහ නව අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය මැතිවරණයේදී පරාජය කරනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු.
-අංජන සම්පත්  අමරසිංහ

 

 

Leave A Reply

Your email address will not be published.

3 × two =