මැනිං මාකට් හෙට (22) සිට වසයි

මැනිං මාකට් හෙවත් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට (22) පෙරවරු 9.00 සිට සඳුදා (26) උදෑසන 5.00 දක්වා දින පහක් වසා තබන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා මාධ්‍යට පවසයි.

මෙම වසා තබන කාලය තුළ කිසිදු ගනුදෙනුවක් සඳහා පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වලකින ලෙසට වෙළඳුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මිට පෙර පසුගිය 15 දා කොරෝනා අවදානම හේතුවෙන් පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණයේ වෙළඳසල් 32 ක් වසා දැමීමට කටයුතු කළ අතර ඒ වෙළඳ සැලක සේවකයකුගේ බිරිඳක් කොරෝනා ආසාදිත ලෙස හඳුනා ගැනීමත් සමගය.

Leave A Reply

Your email address will not be published.

14 + seven =