ගම්පහ දිස්ත්‍රික්කයට අද සිට සඳුදා දක්වා ඇඳිරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 6 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

මේ මොහොත වන විටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

Leave A Reply

Your email address will not be published.

fifteen + seven =