පෑලියගොඩ මාළු කඩේ 49 කට කොරෝනා

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සේවය කරනු ලබන පුද්ගලයින් 49 දෙනෙකු හට Covid-19 වෛරසය ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හෙළිවීම නිසා ඔවුන් ආගිය ස්ථානයක් ලෙස පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හඳුනා ගත් බැවින් වසංගත රෝග විද්‍යා අංශයෙන් සිදුකළ දැනුම් දීමක් මත පෙරේදා දිනයේදී මත්ස්‍ය වෙළෙද විවිධ කේෂ්ත්‍රවල රැකියා කටයුතු කරනු ලබන පුද්ගලයින් 100 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන මෙම PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් 49 දෙනෙකු මෙලෙස Covid-19 ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
මේ හේතුවෙන් පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබේ.

Leave A Reply

Your email address will not be published.

twelve + twenty =