ලංකාවේ තත්ත්වය නොසන්සුන් : මෝදිගේ ලංකා සංචාරය අවිනිශ්චිතයි !

56

සිංහල – මුස්ලීම් ප්‍රජාව අතර ජාතිවාදී නොසන්සුන්තාවක් ඇති වීමේ දේශපාලන පසුබිමක් නිර්මාණය වෙමින් පැවතීම හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ මෙරට සංචාරයේ අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සිදුවන පළමු නිල සංචාරය සදහා ලංකාව තෝරාගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නැගී සිටින ලංකාවට ධෛර්යයක් එක්කිරීමේ අපේක්ෂාව ඇතිවය.

එසේම ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාව තනිවී නැති බවත් කළාපයේ බලවතා ලෙස ඉන්දීය සහය ලංකාවට ලබාදීමේ පණිවිඩය ජාත්‍යන්තරයට යැවීම සදහාය. එසේම ලංකාවේ සංචාරය කිරීමට තරම් ආරක්ෂක වාතාවරණයක් ඇති බවට සහතිකයක් ලෝකයට සැපයීම වෙනුවෙන්ය.

එහෙත් පාස්කු ප්‍රහාරයෙන් එකහමාරක පමණ කාලයකට පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ නිරත මුස්ලීම් දේශපාලනඥයන් වෙත තර්ජනය කරමින් භික්ෂූන් පිරිසක් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් තිබීම හේතුවෙන් ලංකාවේ සංචාරය සම්බන්ධව නැවත සිතා බැලිය යුතු බවට මෝදි අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

news tube

Previous articleසාකච්ඡාව අවසන් – මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස් වීම ප්‍රකාශ කරයි
Next articleසෞදි කාන්තාවන්ට කළු අබායා ගලවා දිග කලිසම් අදින්න අවසර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here