ද්විත්ව පුරවැසිභාවය වගන්තිය ඉවත් කිරීමට ගෝඨාභයගේ විරෝධය

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා කර තිබෙන 20වන සංශෝධන කෙටුම්පතට, ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට හැකි වන ලෙස ගෙනවිත් තිබෙන වගන්තිය ඉවත් කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දැඩි විරෝධය හමුවේ නතරවී තිබෙන බව වාර්තා වේ.

මෙම වගන්තිය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන ඇතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර ඇත්තේ තමන්ද කලක් ද්විත්ව පුරවැසියෙකු ලෙස කටයුතු කළ බැවින් පුරවැසිභාවය පිළිබඳව 20වැනි සංශෝධනයට ඇතුළත් කර ඇති වගන්තිය ඉවත් කිරීමට තමන් විරුද්ධ බවය.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමටත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙන ඒමටත් දැඩි වෙහෙසකර කර්තව්‍යයක නියැලී සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් මෙන්න වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු පිරිසක්ද මෙම වගන්තියට විරෝධය දක්වමින් සඳහන් කර සිටියේ ලංකාවේ පුරවැසිභාවය හිමි ඕනෑම ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව තුළට රිංගාගැනීමේ බරපතල අනතුරක් මෙම වගන්තිය මගින් ඇති වන බවය.

 

Leave A Reply

Your email address will not be published.

one × 2 =