මධූෂ්ගේ දේහය සිය නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන්න නියෝග

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව අද අලුයම වෙඩි වැදී මියගිය මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ්ගේ දේහය සිය නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය, අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබේ.

මේ අතර, වෙඩි වැදීමෙන් මිය ගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය හඳුනා ගැනීම සඳහා ඔහුගේ බිරිඳ ද අද උදෑසන කොළඹ ජාතික රෝහල වෙත පැමිණ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා ඉදිරියේ දේහය හදුනාගෙන තිබේ.

දේහය මේ වන විට ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

3 × 2 =