ආණ්ඩුව ඇතුලේ අර්බුදයට විසදුමක් ලෙස සංශෝධන තුනක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා තවත් සංශෝධන 3ක් ගෙන ඒමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

19 වැනි සංශෝධනයේ සඳහන් ඇමැති මණ්ඩල සීමාව ඒ අයුරින්ම ජාතික විගණන පනත ඒ ආකාරයෙන්ම 20 වැනි සංශෝධනයට ඇතුළත් කිරීමටත්,සහ හදිසි පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර දින 14කින් පසුව ඉදිරිපත් කිරීමටත් යන සංශෝධන ගෙන ඒමට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ජාතික ආරක්ෂාවට හා ආපදා කලමනාකරණයට අදාළ පනත් කෙටුම්පත් දින 7කින් පසුව ගෙන ඒමට හැකිවන සේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන ගෙන ඒමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) පස්වරුවේ රැස්වූ මොහොතේ මෙම සංශෝධන 3 ගෙන ඒමට අනුමැතිය ලැබී තිබේ.

මේ අනුව අද (20) 20 වැනි සංශෝධනයට ගෙන එන සංශෝධන පිළිබඳව අධිකරණ අමාත්‍ය අල් සබ්‍රි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.

15 − 9 =