දෑත් සේදීම අත්‍යවශ්‍යයි – වයිරසයට සම මත පැය 9ක් රැඳෙන්න පුළුවන්

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසයට මිනිස් සම මත පැය 9කට ආසන්න කාලයක් රැඳී සිටිය හැකි බව අනාවරණය කරගැනීමට ජපාන පර්යේෂකයෝ පිරිසක් සමත් වී ඇති බව ඊයේ (19) වාර්තා විය.

සාමාන්‍යයෙන් උණ හෙම්බිරිස්සා තත්ත්ව ඇති කරන වයිරස විෂ බීජ සම මතුපිට රැඳී පවතින්නේ පැය දෙකක් හෝ තුනක් පමණක් බවත්, කොවිඩ්- 19 හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ අනෙක් සියලු වයිරස විෂබිජවලට වඩා ප්‍රබල බවත් පර්යේෂකයෝ පැහැදිලි කරති.
කෙසේ නමුත්, එතනෝල් සහිත විෂබීජ නාශක දියර භාවිත කිරීමේදී කොවිඩ්- 19වයිරස විෂබීජ තත්ත්පර 15 ක් ඇතුළත විනාශ කර හැකි බව ද මෙම ජපන් වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වාදෙති.

මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජයට පත් කිරීමට නම් නිරන්තරයෙන් දෑත් සේදිය යුතු යැයි ද ඔවුහු පෙන්වා දෙති.

Leave A Reply

Your email address will not be published.

eight + 5 =