මාකඳුරේ මදුෂ් ඇපල්වත්තේ දී වෙඩි වැදී මියයයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් හඳුන්වනු ලබන සමරසිංහ ආරච්චිලාගේ මදුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මදුෂ් කොළඹ මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
පොලිස් අත්අඩංගුවේ සිටි මදුෂ් තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකට මැදිව අද අලුයම 3.08ට පමණ මරුමුවට පත්වී ඇති බවද පොලිසිය කියයි.

ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි මදූෂ්ගෙන් ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.

2019 පෙබරවාරි 04 දා රාත්‍රියේදී ඩුබායිහි හෝටලයකදී මාකඳුරේ මදූෂ් විසින් සිය පුතුනුවන්ගේ උපන් දිනය සැමරීම සදහා සංවිධානය කළ සාදය පිලිබඳ මෙරට සිටින ආරක්ෂක අංශ නිලධාරීන් වෙත තොරතුරු ලැබීමත් සමග මෙරට ආරක්ෂක බලධාරීන් සහ ඩුබායි පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්සිදු කළ මෙහෙයුම කදී මාකදුරේ මධුෂ් සහ පාතාල නායකයින් වන කෙසෙල්වත්ත දිනුක්, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුටි ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්තේය.

Leave A Reply

Your email address will not be published.

three × 3 =