ආණ්ඩුව නියෝජනය කරන සියලුම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය ධුර වලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ මීට සුළු මොහොතකට පෙර අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් මේ බව දැනුම් දුන් අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් ඇතුළු සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් ඊට සහභාගී වි සිටියහ. අග්රමාත්යවයරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රවුෆ් හකීම් කියා සිටියේය.