මන්ත්‍රී රිෂාඩ්ට රැකවරණය දුන් 7ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ට රැකවරණය දුන් පුද්ගලයින් 7දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අද (19) කොළඹ පැවති පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලීසිය විසින් සොයන පුද්ගලයින්ට රැකවරණය ලබා දීමට වෙනත් පිරිසක් සිටින බවට හෙළිදරව් වු බවද වාර්තා වේ.
මේ අතර අත්අඩංගුවට ගෙන පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඔක්තෝබර් 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

sixteen − 2 =