“අපි බිය නොවෙමු, ඔබලාට අපව බෙදිය නොහැක, අපියි ප්‍රංශය!”

 

ප්‍රංශය නොසන්සුන්ය

අන්තවාදී ඉස්ලාමි සංවිධානයක සාමාජිකයෙකුසේ සැළකෙන 18 හැවිරිදි රුසියානු ජාතිකයා ප්‍රංශ ඉතිහාස ගුරුවරයෙකු කපා කොටා මරා දැමීමට එරෙහිව ඊයේ ප්‍රංශ අගනුවර දැවැන්ත මහජන විරෝධතාවක් ක්‍රියාත්මක විය. ප්‍රංශ අග්‍රමාත්‍ Jean Castex පවා ඊට එක්ව සිටීම විශේෂත්වයකි.


ඝාතකයා වසර 10 ක් තිස්සේ ප්‍රංශයේ රැකවරනය පතමින් සිටි රුසියානු සරණාගතයෙකි. ඔහුගේ ඥාති නැගනිය මීට පෙර ISIS සංවිධානය හා එකතුවීමට සිරියාව බලා පිටත්වී ඇතැයි ජනමාධ්‍ය අනාවරනය කර සිටී.
ඉතිහාස ගුරුවරයෙකුවූ 47 හැවිරිදි සැමුවෙල් පැටි සිය පන්තියේදී මුහමිමද් නබි තුමාගේ කාටුනයක් උපයෝගී කරගනිමින් කතා කිරීමේ නිදහස පිළිබඳ පන්තියක් කල අතර නබි තුමාගේ විකට රූපය පෙන්වීමට පෙර ගුරුවරයා මුස්ලිම් සිසුන්ට කාමරයෙන් පිටවන ලෙස දන්වා තිබුණි. නබිතුමාගේ ඕනෑම නිරූපණයක් අපහාසයක් බව මුස්ලිම්වරු විශ්වාස කරති.
කෙසේ වෙතත්, ඔහුගේ පන්තිය තුල සිටි එක් මුස්ලිමි සිසුවියක් එය වරදක් ලෙස දුටු අතර පසුව ඇය එය ඇගේ මුස්ලිම් දෙමාපියන්ට පැවසුවාය. ඔවුන් ගුරුවරයාට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ අතර පාසලේ විදුහල්පති සහ අධ්‍යාපන අධිකාරියේ නිලධාරියෙකු ලෙස ගුරුවරයා වන පැටී මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූහ. ඊටත් සතියකට පසුව
13 හැවිරිදි දැරියකගේ පියා Brahim Chnina විසින් ඊට තව දුරටත් විරෝධය දක්වමින් ට්විටර් වෙබ් අඩවියේ පළ කරන ලද වීඩියෝවකින් පැටී මහතා මැරයකු ලෙස හංවඩු ගසමින් ගුරුවරයාගේ හැසිරීම පිළිබඳව පැමිණිලි කරන ලෙස මුස්ලිමි ප්‍රජාවෙන් ඉල්ලා තිබුණි. තවත් දින කිහිපයකට පසු එනමි ඊයේ පැටී මහතා පැරිසියේ සිට සැතපුම් 25 ක් වයඹ දෙසින් පිහිටි කොන්ෆ්ලන්ස්-සයින්ට්-හොනොරින් හි දී පිහියෙන් ඇන මරා දමා තිබුණි.
ශිෂ්‍යාවගේ පියා නිකුත්කල වීඩියෝව දැකි Aboulakh Anzorov නැමති 18 හැවිරිදි ඝාතකයා එය ක්‍රියාත්මක කර ඇති බවට ප්‍රංශ පොලිසිය අනුමාන කෙරේ. ඒ අනුව ඔවුහු ශිෂ්‍යාවගේ පියා අත්අඩංගුව ගත්තෝය
ඝාතකයා ඉතිහාස ගුරුවරයා මරා දමද්දී වහා එතැනට පැමිණි පොලිසිය මිනීමැරුම සිදුකල තරුණයවාද මරා දමා තිබෙි.
ඝාතකයාගේ මාමා ප්‍රංශ රූපවාහිනියට මෙසේ පැවසීය: ‘ඔහු කුඩා දරුවෙකි. ඔහුට වයස අවුරුදු 18 යි. ඔහු ජීවතුන් අතර සිටියා නම්, මම ඔහුගෙන් මෙසේ අසනු ඇත: ‘ඇයි ඔබ එසේ කළේ? ඔයාගේ ඔලුවට මොකද වුණේ? ‘ ඔහුට යමෙකු බලපෑම් කරන්න ඇති.
ප්‍රංශ වටිනාකම්වලින් බැහැරව සමාන්තර සමාජයක් නිර්මාණය කරන බව පවසන ඉස්ලාමීය රැඩිකල්වාදීන්ට ආමන්ත්‍රණය කිරීමේ පනත් කෙටුම්පතක් සඳහා එමානුවෙල් මැක්‍රොන් කටයුතු කරමින් සිටියදී ඊයේ මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. ප්‍රංශ ජනාධිපතිවරයා මෙය’ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක්’ ලෙස හැඳින්වූ අතර එය හෙළා දකිමින්, ‘අද අපේ සගයකු ඝාතනය කරනු ලැබුවේ විශ්වාස කිරීමට හෝ විශ්වාස නොකිරීමට ඔබට ඇති නිදහස ඉගැන්වූ නිසාය. යැයි පැවසීය’
බටහිර යුරෝපයේ විශාලතම මුස්ලිම් ජනගහනය ප්‍රංශය සතුය එය මිලියන පහද ඉක්මවයි.
පැරිස් විරෝධය අවසානයේ ඔවුහු දැවන්ත රැළියක් පැවත්වුහ.
මෙි එහිදී සමහර කථිකයන් දැක්වු අදහස්ය.
‘අපි නැමෙන්නේ නැති බව ඔවුන් දැනගත යුතුයි. කියවීමට, ලිවීමට, ඇඳීමට, සිතීමට, ඉගැන්වීමට අපව තහනමි කරීමට කිසි විටෙකත් ඔවුනට නොහැකිවනු ඇත. ‘‘
ඔවුහු අපේ ගුරුවරයෙකුගේ හිස ගසා දැමුවා. අප සිටින්නේ ප්‍රංශයේ මෙම දරාගත නොහැකි ම්ලේච්ඡත්වයනේ යුතු ඉස්ලාම් ධර්මය අපට එරෙහිව යුද්ධ කරමින් සිටී: බලහත්කාරයෙන් හෝ අප ඔවුන්ව අපේ රටෙන් පලවා හැරිය යුතුය. ‘
‘අහිංසක පුද්ගලයෙකු ඝාතනය කරන ශිෂ්ටාචාරය ශිෂ්ඨාචාරයක්නොවෙි නොවේ, එය ම්ලේච්ඡත්වයයි’.
“ඔව් ඉගැන්වීමවල ලේ ගැලීමි තිබිය නොහැක”
“ඔබලා අපව බියගන්වන්න එපා. අපි බිය නොවෙමු. ඔබලාට අපව බෙදිය නොහැක. අපියි ප්‍රංශය!”
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

12 − 9 =