එක් දිනකදී කොරෝනා ආසාදිතයින් ලක්ෂ 4 ක්

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වී ලොවපුරා පැතිර යෑමට පටන් ගැනීමෙන් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය 16දා 400,000 ඉක්මවා ගියේය.
පසුගිය සති කිහිපයේදී යුරෝපයෙන් දෛනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණනේ සාමාන්‍ය 140,000ක් විය.

කොරෝනා වයිරසයෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වූ කලාපය බවට පත්ව ඇත්තේ ලතින් ඇමෙරිකානු කලාපයයි. කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් සියයට 27ක් වාර්තා වන්නේ ලතින් ඇමෙරිකානු කලාපයෙනි. ඉන් අනතුරුව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ආසියාවෙනි. උතුරු ඇමෙරිකාව තෙවැනි තැනටත් යුරෝපය සිවුවැනි තැනටත් පත්ව තිබේ.

පසුගිය 13 වැනිදා ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 55,342දෙනකු වාර්තා වූ අතර එය අගෝස්තු 18 වැනිදා ට පසු ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන වේ.

තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් සහ වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

රොයිටර් ඡායාරුපයක්

 

Leave A Reply

Your email address will not be published.

eighteen − 14 =