රිෂාඩ් බදියුදීන් දෙහිවලදී අත්අඩංගුවට

දින ගණනාවක සිට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එනම් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.
මෙම නඩුව නැවතවරක් මෙම 27 වැනිදා කැඳවීමට නියමිතය.

අද(19) පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.

9 + 18 =