“ඇඟේ හයියට වැඩ කිරීම අනුමත කරන්න බෑ”

-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

 

තාක්ෂණික නොවන, කට වහරේ ඇඟේ හයියට වැඩ කරනවා යනුවෙන් හැඳින්වෙන ක්‍රම මඟින් කොවිඞ් 19 ආසාදිතයන් සහ නිරෝධායනයට පුද්ගලයන් රැගෙන යාමට ආරක්ෂක අංශ කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

මේ ආකාරයට කටයුතු කළහොත්, සුදුවැල්ල කොවිඞ් ආසාදිත පොකුර මෙන් ආරක්ෂක අංශ අතර යළිත් පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති බවත්, රෝගීන් බියට පත්වීමක් සිදු වන බවත් පෙන්වා දෙන ලේකම්වරයා, මෙය ආරක්ෂක අංශවල කැපවීම අවතක්සේරු කිරීමක් නොවන බවත් සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

7 + fifteen =