“සෞඛ්‍යය ආරක්ෂාව තියෙන්නෙත් ජාතික ආරක්ෂාව යටතේ”

- යුද හමුදාපති

කොවිඞ් 19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සෙවීම බුද්ධි අංශ හරහා සිදු කිරීම තුළ බුද්ධි අංශ හරහා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරනු ලබන කටයුතුවල කිසිදු අඩුවක් සිදු නොවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසී ය. සෞඛ්‍ය ආරක්ෂාව පවතින්නේ ද ජාතික ආරක්ෂාව යටතේ බවත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ආරක්ෂක අංශවල වගකීම බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.
වැඩි දුරටත් අදහස් දැක් වූ යුද හමුදාපතිවරයා මෙසේ ද කීය:
“ජාතික ආරක්ෂාව කියන්නේ හමුදාව තුවක්කු අරගෙන ගිහින් කරන වැඩක් විතරක් නෙවේ. ජාතික ආරක්ෂාව කොටස් කීපයක් තියෙනවා. ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව, දේශපාලන ආරක්ෂාව, යුදමය ආරක්ෂාව, පාරිසරික ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව වගේ කොටස් ගොඩක් තියෙනවා. හමුදාවන් විසින් සිදු කරනු ලබන කොටස ආරක්ෂාවේ එක කොටසක් පමණයි.
“මේ කොවිඞ් වෛරසයත් රටේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක්. ඉතින් අපිට හැකියාව තියෙනවා මේ සියලු‍ ම ආකාරයේ ආරක්ෂාවන් සපයන ගමන් ම, හමුදාමය ආරක්ෂාව සපයන ගමන් ම, ජාතික ආරක්ෂාවේ වැදගත්ම කොටසක් වෙන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන තත්ත්වයට මුහුණ දෙන්න සහ ඒ සඳහා අවශ්‍ය දේ කරන්න.”

Leave A Reply

Your email address will not be published.

four + 1 =