ආයුබොවන්ඩ විදුර,

පිටකොන්ද ආරක්සා කොරගන්ඩ මේ දවස්වල තමුන්නැහැ අල්ලන අඩව් දිහා බලන කොට අපිට එකපාරටම මතක් වෙන්නෙ කොටන කුකුළට කොයි කොටුවත් එකය කියන පරණ උපහැරණෙ. අපි අහල තියෙන විදිහට වික්කරමනායකලා කියන්නෙ පස්දුන් කෝරලේම හොල්ලපු පොරවල් උන්නු පරම්පරාවක්. වැඩි ඈතකට යන්නෙ මක්කටෙයි, මුන්නහැගෙ අප්පච්චි ගැන නිකමට කල්පනා කොරල බලමුකො. අපිට හොඳටම මතකයි උන්නැහැ චන්දිරිකා නෝනාගෙ අගසව්වෙක් වෙලා හිටපු කාලෙ අල්ලපු කස්තිරන්.

අපරාදෙ කියන්ඩ බැහැ විදුර ඇමතිතුමෝ., ඔහේ ළඟත් ඒ පරම්පරා ගති ලක්සනනං අඩුවක් නැතුවම තියෙන බව අපිට පේනවා. මහ බලගතු මහින්ද මහා රජ්ජුරුවො කිරීටේ දරන කාලෙදි වගේම එතුමාගේ අනුප්‍රාප්තිකයා හැටියට මහා සෙනවි ගෝටා සිංහාසනාරූඪ වුණාට පස්සෙත් වික්කරමනායක පරම්පරාවේ ගාම්බීරකොමයි, නිර්බීතකොමයි අබමල් රේණුවක තරමින්වත් හෑල්ලු කොරන්ඩ මුන්නැහැ මේ වෙනකන්ම කිසිම ජගතෙකුට ඉඩක් නොතියපු එක ගැන නං අපිටත් හරිම ආඩම්බරයි.

වික්කරමනායක පරම්පරාවටත් වඩා බලපු`ඵවන්කාරයො හැටියට එදා පම්පෝරි ගහපු බොරලුගොඩ සිංහ පැටව් අද නිකංම නිකන් බලු සිංහ සයිස් එකට වැටිලා දාන පාර්ලිමන්ට් ජෝක්ස් දිහා බලන කොට තමයි පේන්නෙ ඒ අතින් තමුන්නැහැලා ගව් ගාණක් ඉදිරියෙන් ඉන්න විත්තිය. මක්ක වුණත් ආයිබොවන්ඩ හත්මුතු පරම්පරාවෙම ගරු නම්බුව රැකගැනීමේ බාරදූර වගකීම මේ යුගයේ පැවරිල තියෙන්නෙ වික්කරමනායකලාගේ දියමන්තිය හැටියට නම් කොරලා ඉන්න තමුන්නැහැට බවත් අමතක කොරන්න එපා.

මේ වතාවෙ කැබිනෙට්ටුවට දාගෙන ඉන්න එක්ස්පයර් වෙච්ච භාණ්ඩ ටික දිහා බලපුවහම විදුරලා වගේ ටොයියො ඉහළින්ම දිනවපු හුදී ජනතාව ෆුල් අප්සෙට් ගහල ඉන්න බව ඔහේට ඉතිං අමුතුවෙන් කියන්ඩ අවස්සිය නැහැනෙ. අග්ගරාමාත්තිය උන්නැහැගෙම වැඩ රාජකාරිවලින් කොටහක් විදුරට පංගනාත්තු කොළේ ඒ කඩතොලුව මකන්ඩ අලවාපු පැලැස්තරයක් හැටියට වෙන්ඩැති. දැන් දැන් ලැබෙන ආරංචිවලට අනුව නං මුන්නැහැගෙ පිහාටු එක, දෙක ගලවන්ඩ පටන් අරගෙන තියෙන විත්තියයි අපිට දැනගන්ඩ තියෙන්නෙ.

ජාතික උරුම නියෝජ්ජ ඇමති හැටියට මෙපමණ කාලයක් මුන්නැහැගෙ උරුමයක් වෙලා තිබුණ අපේ ගම අති විසේස ගැසට් පත්තරේකින් කර්මාන්ත ඇමතිට පවරලාය කියන කතාව මුසාවක් නෙමේ නේද විදුර? ඒත් එක්කම මේ දවස්වල පැතිරිලා යන කතාවක් තමා නෙ`ඵං පොකුණත් මුන්නැහැගෙන්

ඩැහැගන්න යනවාය කියන එක. අනේ ආයිබොවන්ඩ මේ විදිහට ඔහේ සන්තකේ තියෙන වස්තු ටික හීන්සීරුවේ කාගෙ කාගෙ හරි ඔඩොක්කුවලට දාන්ඩ කුරුමානං අල්ලන්නේ අහවල් කාරණයක් හන්දය කියලද හිතන්නෙ?

හූනා කිව්වා වගේ අපිට නං කියන්න ඇහැකි පොලියත් එක්කම ඔහේට රිටන් එක ලැබෙන්ඩ යන විත්තිය. 20 ගැන අනං මනං දොඩංඩ ගියායිං තමයි ආයිබොවන්ඩ ඔහේට මේ සැන්තෑන්සිය උරුම වෙන්ඩ යන්නෙ. කාරණා සිද්දවේගෙන යන ආකාරෙට නං ඔහේට දැන් කොරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ එක්කො රෙදි-බැනියං ටික ගලවල දාලා ටයි කෝට් පාරක් දාගෙන අලි සබ්රිලා වගේ “යස් සර්-ඕකේ සර් පොලිටික්ස්” ගේමට බහින එක. එහෙමත් නැත්නම් පරම්පරා අබිමානෙ

රැකගෙන දිගටම ගේම ඉල්ලන එක.

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

2 × three =