ඒ ගී හඬ යළි නෑසේ

අනුලා බුලත්සිංහල දිවි රඟමඬලින් සමු ගනී.
ශ්‍රී ලාංකීය වේදිකාව ගායනයෙන් රංගනයෙන් වර්ණවත් කළ සුපිපි කුසුම මොහොතකට පෙර පර වූවාය. දීකිරි දීකිරි විකුණූ කිරි වෙළෙන්දිය සදහටම නින්දේය. තට්ටු කරන්න හෙමින් කියා කියන්නට ඈ දැන් නොමැත.මහාසාර පළඳනාව ඉල්ලා නොකා නොබී සිටි බිසෝ තොමෝ සුදු ඔසරියක් නොහැඳ ම සුදු වතින් සැරසී නිදන්නීය.
අනුලා, දයාබර සොයුරිය, යහපත් ලොවක ඉන්න. ඔබේ හඬ රැඟුම අපට කිසිදින අමතක කළ නොහැකි ජීවමාන සුන්දර මතකයකි.
-බුද්ධදාස ගලප්පත්ති

Leave A Reply

Your email address will not be published.

nine + 4 =