මේ ඔක්තෝම්බරයේ ලියැවුණු ‘ලංකා’ වේ ‘ආදරය’..

 

1917 ඔක්තෝම්බර් 25 (ලෝකයේ පැරණි දින දර්ශනයට අනුව නම් නොවැම්බර් 7) යනු ලෝකය එතෙක් පැද්දෙමින් තිබූ තොටිල්ල මාරු කළ දවසයි. මහා රුසියාව සිහිනයෙන් පවා නොසිතු ලෙස ලෝකය නැළවෙනු ඇති යැයි කිසිවෙක් නොසිතූ හ.
ඒ ඔක්තෝබරය එලඹෙන්ණේ එකම එක රැයකින් පසුව නොවේ. ඒ වන විටත් වයස අවුරුදු 47ක් වූ පෙනුමෙන් අතිශය සාමාන්‍ය මිනිසෙක් තමන් හා එක්වුණු තමන්ව සම සමව අගය කළ හා විවේචනය කළ මිනිස් සමුහයක ආදරය සමඟ මුසු කළ අවිගත් සටනක කෙලවර ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බරය ඇරඹිණි.
ඔක්තෝම්බර් විප්ලවය යනු ලොව අසිරිමත් දෙයකි. ලොව වෙනස් කළ දෙයකි. මිනිස් බලයකි. ජනයාගේ එකතුවකි. අසීමිත මිනිස් ආදරයකි. එවැන්නක් කරන්නට අවශ්‍ය අසීමිත ධෛර්යය සහ කැපවීමත් අනෙකා ඉවසීමේ ගුණයත් තිබූ මග කියන්නා වුයේ ව්ලැදිමර් ඉල්ලිච් උල්යානොව් ය. ඒත් ලෝකයා ඔහු දන්නේ රුසියානු බිමේදී ඔහු ඇමතු ‘ලෙනින්’ නමිනි.
දැන් ලෝකය වෙනස් කළ ඔක්තොම්බරය ගෙවී වසර 103කි.
රුසියාවට කි. මී. 6570ක සියවසක් මෙපිටින් අපි කුඩා දූපතක වෛරස් වසන්ගත අනතුරට පත්ව හිදී. 1917 ඔක්තොම්බර 17 වෙනතුරු රුසියාවේ ව්‍යසනයකදී පළමු ගොඳුර බවට පත්වූ රුසියානු පීඩිතයා සේම අපිත් ව්‍යසනයකින් පීඩා විදිමු.
ඉතින් මේ ඔක්තෝබරයේදීත් මිනිසුන්ට ආදරය කරනා’යුරු ඉගැන්වූ හොදම ගුරුවරයා වන ලෙනින් දෙස නොබලා අපි කව්රුන් දෙස බලමුද?
-සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

two × 4 =