නිදන් හෑරූ නාමල්ගේ ගොලයෙක් ඇතුලු පිරිසක් අත්අඩංගුවට!

 

රන්මිණිතැන්න ප්‍රදේශයේ නිදන් හරමින් සිටි නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සමීපතම ආධාරකරුවෙකු ඇතුලු පස් දෙනෙක් තිස්සමහාරාම පොලීසිය විසින් ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

එම හත්දෙනා අතුරින් අත්අඩංගුවට ගත් චන්දන වික්‍රමසූරිය නම් තැනැත්තා අමාත්‍ය නාමල් රාජපක්ෂ⁣ගේ සමීපතම දේශෙපාලන ආධාරකරුවෙකි. ඔහු තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තිස්සමහාරාම පොලීසිය විසින් ස්කෑන් යන්ත්‍රයක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන ඇතත ඔහු ඉදිරිපත් කර ඇත්තේ යාල අභයභුමියට අනවසරයෙන් ඇතුළු විම යන චෝදනාව පමණක්ය බවද වාර්ටතා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සෙසු පිරිස වන්නේ කොළඹ කොස්වත්ත පදිංචි දොඩම්පෙ ගමගේ නිලුපුල්, මරදාන පදිංචි නුවන් ප්‍රියදර්ශන, නාත්තන්ඩිය පදිංචි රමේෂ් ගුරුගොල්ල සහ ගජසිංහආරච්චිගේ චතුරංග යන අයයි.

ඔවුන් සතුව තිබී wpcaw 8967 අංක සහිත ඩිපෙන්ඩරයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave A Reply

Your email address will not be published.

5 × one =