අත්අඩංගුවට ගැනීම වළකන ලෙස බදියුදීන්ගෙන් පෙත්සමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අද (15) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රිෂාඩ් බදියුදීන් පවසන්නේ පසුගිය ජනාධිපතිවරණය දිනයේ දී අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ ගන්නා බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බව පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් පෙන්වා දෙයි.
ඒ මොහොතේ එලෙස අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන්වූවන් පිළිබඳ ව නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රතිපාදන යොදාගනිමින් බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

ten − eight =