කොළඹ මහ නගර සභාව සති දෙකකට වසයි

මහජනයා සඳහා කොළඹ මහ නගර සභාව සති දෙකකට වසා දමා ඇති බව නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය අද(15) ප්‍රකාශ කළේය.
කොළඹ මහ නගර සභාවේ ඩීන්ස් පාර පිහිටි මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇය රෝහල්ගත කළ බැවින් මෙම තීරණය ගෙන ඇති බව, කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසයි. එහි කාර්ය මණ්ඩලයට සහ මහජනයාට එය සම්පූර්ණයෙන් සති දෙකක් වසා දමා ඇති බව නාගරික කොමසාරිස් වරිය සඳහන් කරයි.
කොරෝනා ආසාදිත සේවිකාවගේ සැමියා ජාතික රෝහලේ සේවකයකු බවද, පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මේ අතර නගර සභාවේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකරන නමුත් මහජනයා සඳහා වසා දමා ඇතැයි ද පවසයි.

මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවකයන් 80දෙනෙකුට අද හදිසි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ බවත් ආසාදිත සේවිකාව ඇසුරු කළ බවට හඳුනාගත් නගර සභාවේ ආශ්‍රිතයන් 110දෙනෙකුට හෙට(16) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බැවින් මෙම පියවර ගෙන තිබේ.

 

Leave A Reply

Your email address will not be published.

16 − 3 =