කොරෝනා මර්දනයට සහාය දෙන්න අපි සූදානම්! – NIO

මේ මොහොතේ රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අවශ්‍ය ඔ්නෑම මොහොතක
තම සංවිධානයේ සිටින විශේෂඥයින්ගේ සහාය ලබා දීමට සූදානම් බව ජාතික විද්වත් සංවිධානය පවසයි.

ජාතික විද්වත් සංවිධාන අද (14) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ අදහස් ප්‍රකාශ කරනු ලැබූවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විද්‍යාඥවරයකු මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳව හිටපු කලාපීය උපදේශකවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා විසිනි. ඒම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අපේ රටේ සෞඛ්‍ය අංශ ප්‍රධාන කොවිඩ් මර්දන කටයුතු වෙනුවෙන් මැදිහත් වන සියලු ආයතන රෝගය පැතිරීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවය. මේ මොහොතේ මහජනතාව ලෙසද ගතයුතු මූලික ක්‍රියාමාර්ග අනුගමයන කළ යුතු බවත් ඒසේම රජය ඇඳිරි නීතිය පැනවීමකින් තොරව මෙම තත්වයට මුහුණ දෙමින් කටයුතු කරන්නේ නම් කොවිඩ් ව්‍යාප්තිය වළක්වා ගැනීමට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ඒ් ඒ් අංශ සමග අවබෝධයෙන් ගතයුතු බවයි.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික විද්වත් සංවිධානය නියෝජන කරමින් රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා, කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද අදහස් දැක්වීය.

Leave A Reply

Your email address will not be published.

1 + eighteen =