මිනුවන්ගොඩ කොරෝනා අසාදිත වූ තවත් 113 ක්

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සම්බන්ධ සේවක පිරිසෙන් කොරෝනා අසාදිත වූ තවත් 113 දෙනකු අද ( 14) හඳුනාගෙන තිබෙන අතර ඇඟලුම් කම්හලට සම්බන්ධ මුළු අසාදිතයින් සංඛ්‍යාව 1721 දක්වා ඉහළ ගොස් ඇත.

මෙම 113 දෙනා අතරින් නිරෝධායනයේ සිටින ඇඟලුම්කම්හලේ කාර්ය මණ්ඩලයේ 05 දෙනකු සහ ආශ්‍රිතයින් 108 දෙනකු මෙසේ හඳුනාගත් පිරිසට අයත් වෙයි.
මෙම දෙවැනි කොරෝනා රැල්ලේ කිසිදු අසාදිතයෙකු දැඩිසත්කාර ඒකක වළ ප්‍රතිකාර නොලබන බව සෞඛ්‍ය අංශ පවසයි.

 

Leave A Reply

Your email address will not be published.

seventeen − four =