අභ්‍යාසලාභී PHI වරු 118 හෙට (15) සිට වැඩ

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල කොරෝනා වයිරසය මැඩලීම වෙනුවෙන් අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු බස්නාහිර පළාතේ සෞඛ්‍ය කටයුතු සඳහා අද(14) සිට සේවයෙහි අනියුක්ත කරන බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

මෙම අභ්‍යාසලාභී මහජන සෞඛ්‍ය පරීක්ෂකවර‍ැ118 දෙනා කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබමින් සිටි අය වන අතර බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධම්මිකා ජයලත් වෛද්‍යවරියගේ ඉල්ලීම මත ඔවුන් සේවයෙහි අනියුක්ත කරන බවද පවසයි.

මෙම පිරිසෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා 50 ක් ද , කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා 47ක් ද, කළුතර දිස්ත්‍රික්කය සඳහා 21දෙනෙකු ද සේවයේ පිහිටුවන බවද, හෙට (15) සිට ඔවුන් සියලු දෙනා අදාළ දිස්ත්‍රික්කවල කොරෝනා මර්දන කටයුතු සඳහා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට කිරීමට නියමිත බව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.

one × five =