රටේ ප්‍රදේශ කිහිපයකම රෝගීන් වාර්තාවේ

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පිරිසෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 61 දෙනකු, පන්නල ප්‍රදේශයෙන් ආසාදිත රෝගීන් 09 දෙනෙකු, දංකොටුවට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල පළාතේ දෙදෙනෙකු, කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් අද(11) හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා කාර්යමණ්ඩලයේ 39 දෙනකු සහ ආශ්‍රිතයින් 22 ක් මෙම 61 දෙනා අතර වෙයි.

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය ආශ්‍රිතව පැතිරී ගිය කොරෝනා වයිරසය හේතුවෙන් පන්නල සෞබ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගෙන ඇතිබව පන්නල සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

ගිරිඋල්ල ඇලබඩගමල මාකඳු යන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශවල අයත් මැදවත්ත ලවෑත්තෑව ලබෝපිටිය, නැයිනිගම්මන, වැටකෙයා, ඇලබඩගම , එලිබිච්චිය ප්‍රදේශ වලින් හමුවූ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි හයදෙනෙකු මෙම 9 දෙනාට ඇතුලත් වේ.

දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයට අයත් මාවතගම සහ දකුණු ගෝනවිල යන ප්‍රදේශවලින්ද කොරෝනා ආසාධිත රෝගීන් දෙදෙනෙකු අසාධිතයන් බවට දංකොටුව සෞබ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

මේ අතර මාවතගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු සහ දකුණු ගෝනවිල දොඹගහවත්ත පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අසාධිතයන් බවට හඳුනාගෙන ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ පවසන අතර ශිෂ්‍යාවගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයකු බවද, ඔහුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද සනාත වී ඇත.

Leave A Reply

Your email address will not be published.

five × 5 =