‘චේ’ මිය ගොස් වසර 53 සිහිකරයි

‘අර්නස්ටෝ චේ ගුවේරා’ මිය ගොස්  පසුගිය 08 වෙනිදාට  වසර 53ක් ගත වී ඇත. ඔහු මිය ගිය දිනය වන ඔක්. 8 වන දින චේ දිනය ලෙස නම්කර වසරක් පසා විවිධ වැඩසටහන් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කර පවත්වනු ලබයි. මෙවර ඒසේ ‘චේ’ දින වැඩසටහන් මාලාවක් ඔවුන් විසින් රට පුරා සංවිධානය කර තිබුනද නමුත් නැවත වරක් මතු වු  කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ගෙන ඇති සියලු රැස්වීම් , සැමරුම් උත්සව නොපවත්වන ලෙස රජයෙන් කල දැනුම්දීම හේතුවෙන් මෙවර සුදානම් කර තිබු ‘චේ’ දින වැඩසටහන් වෙනස් කළ බව සමාජවාදී තරුණ සංගමය පවසයි. පසුගිය දින (8) හොරණ ‘චේ’ උද්‍යානයේදී ‘චේ’ විසින් රෝපණය කල ගස හා ස්මාරකය අභියස පුෂ්පෝපහාර  දැක්වීමේ අවස්ථාවක් සිදු කෙරුණු අතර ඒය නිරෝධායන නීතිවලට යටත්ව පැවත්වා තිබිණි. ඒහිදි ‘චේ’ දිනය වෙනුවෙන් නිව්දනයක්  ඉදිරිපත් කළේය.
මේ අවස්ථාවට කියුබන් තනාපතිනය ජුවානා ඒ්ලේනා මැතිනියත්, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ඒරංග ගුණසේකර ත් , සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය ඇතුළු සුළු පිරිසක් සම්බන්ධ විය.

ඡයාරූප -රවිඳු ඉන්දීවර

Leave A Reply

Your email address will not be published.

nineteen + nine =