බද්යුදීන් අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රීවරුන් 100 ක් ඉල්ලයි

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට රියාජ් බද්යුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 100 කගේ අස්සනින් යුතු ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට යොමුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් පසුගිය අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත්තේය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම විසින් අද ඔක්තෝබර් මස 9 වැනිදා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට අරලිය ගහ මන්දිරයේදී අදාළ ලිපිය බාරදී ඇත.

අදාළ ලිපියේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ සහෝදරයකු වන රියාජ් බද්යුදීන් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ පිරිසට අනුබල දී ඇති බවට සාක්ෂි ලැබී තිබියදීත් ඔහු අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර ඇති බවත් ඔහු නිදහස් කර ඇත්තේ කිසිදු නීතිමය අවසරයකින් තොරව යැයි ද අදාළ ලිපියේ සඳහන් වේ.
මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ රියාජ් බද්යුදීන් නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.

five × four =