ගිනිගත් නැවේ කපිතාන්වරයාට නඩු පවරයි

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව ශ්‍රී ලංකා සමුද්‍රය දුෂණය කිරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (8) නඩු පවරන ලදී.

ශ්‍රී ලංකා සමුද්‍රයට ‘බොර තෙල්’ මුදා හැරීමෙන් සමූද්‍ර දුෂණ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා වන ශ්‍රික ජාතික හිරෝස් ඉල්යාස්ට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

2020 සැප්තැම්බර් මස 03 වැනිදාත් සැප්තැම්බර් මස 12 වැනිදාත් අතර කාලයේ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සන්ගමන්කන්ද තුඩුව සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 20ත් 62ත් අතර දුරින් පිහිටි ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපයේ දී බොරතෙල් මුහුදට මුසුකරන ලදැයි විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් නඟා තිබේ.

2008 අංක35 දරණ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතේ 26, 26 (අ) සහ 38 යන වගන්ති යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 55 දෙනකු හා ලේඛන 30 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා මහාධිකරණයට දැනුම් දී ඇත.

මීට පෙර අවස්ථාවක එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස් මහතා කොළම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුට රටින් පිටවීම තහනම් කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අධිකරණයට දැනුම් නොදී ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් ඉවත් නොවන ලෙසද නියම කළේය.

Leave A Reply

Your email address will not be published.

2 + 4 =