නිරෝධායනයට ගෙනයමින් සිටියදී අයෙක් මියයයි!

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ ආශ්‍රීතයින් පිරිසක් නිරෝධායනය සඳහා පොළොන්නරුව, වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ (07) රැගෙනයමින් සිටියදී එම බස් රථයක සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබේ.

ගම්පහ උඩුපිටිය, වරාපලාන අංක 81 ලිපිනයේ පදිංචිව සිටි 68 වියැති ඒ. එම්. අරුණ කාන්ති නම් සිව් දරු මවක් එලෙස මියගොස් ඇත.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ “ආසාදිත සේවකයෙකුගේ පවුල්වල අය නිරෝධායනය සඳහා ගෙනයමින් සිටියදී කන්දකාඩු ප්‍රදේශයට ආසන්නයේදී කාන්තාවක් හදිසියේ රෝගී තත්ත්වයට පත්වූ දවත් හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් ඇයට සියලුම වෛදය ප්‍රථිකාර සිදුකළ ද කාන්තාව හෘදයාබාදයකින් මිය ගිය බව අවසන් වශයෙන් ඔවුන්ට තහවුරු වු බවයි.

Leave A Reply

Your email address will not be published.

17 − fourteen =