හෝමාගම මූලික රෝහල කොරෝනා රෝගීන්ට සුදානම්
පෙර පරිදි හෝමාගම මූලික රෝහල අද (08) සිට යලි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට නම්කර ඇතැයි හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි පවසයි. ඇඳන් හැටකින් යුත් අංග සම්පූර්ණ වාට්ටුවක් මේ වන විට සුදානම් කර තිබේ.
මේ අනුව හෝමාගම මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මෙතෙක් ලබා දුන් ප්‍රතිකාර යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර සෙසු සේවාවන් සාමාන්‍ය පරිදි සිදු වන බවද රෝහලේ අධ්යක්ෂ පවසයි
කොවිඩ් ප්‍රතිකාර ඒකකය සඳහා විශේෂඥ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඉදිරි ප්‍රතිකාර ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ද හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි පවසයි.