ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොවිඩ් අසාදනය වේ

 

මිනුවන්ගොඩඇඟලුම් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර කර ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම පැවසීය.

මෙම වෛද්‍යවරයාගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් එම සේවිකාවන්ට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

එම ආසාදිත වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත යැවීමට පියවර ගත් බව ද ඉලේපෙරුම මහතා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

5 × five =